කසළ ගැටළුවක් හේතුවෙන් ප්‍රදේශ දෙකක ජනතාව අසීරුතාවක
Sunday, 16 August 2020 - 14:07 | Views - 532
මහනුවර - හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පිහිටි යහලතැන්න ප්‍රදේශයට කැළිකසළ බැහැර කිරීමෙන් දැවැන්ත පාරිසරික හානියක් සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

අතිශය පාරිසරික සංවේදි කලාපයක් වන මෙම ප්‍රදේශය තුල පරිසරයට හානිවන සියලූ කටයුතු තහනම් කර ඇති බව දන්වමින් දැන්වීම් පුවරු සවිකර තිබෙන නමුත් ඒවා නොසලකා කසල බැහැර කිරීම් සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

යහලතැන්න ප්‍රදේශය සංචාරක ආරක්ෂණය දිනාගත් පරිසර කලාපයක් හෙයින් ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් ද පිහිටා තිබෙනවා.

ප්ලාස්ටික් බදුන්, බියර් කෑන්, හිස් මත්පැන් බෝතල්  වැඩි වශයෙන් බැහැර කිරීම් කරන අතර ඒ අනුව ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් ද පවතින බවයි ගම්වාසින් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් විමසු අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ අනවසරයෙන් කසළ බැහැර කරන පුද්ගලයින්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවයි.

මේ අතර, පුත්තලම -පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට බැහැර කරන ලද රෝහල් සායනික අපද්‍රව්‍ය  ඉවත් කිරීමට මුන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කටයුතු කර තිබෙනවා.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් මෙම පොල් ඉඩමට අවස්ථා දෙකකදි සායනික අපද්‍රව්‍ය ටොන් 30ක් පමණ ගෙනවිත් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

අදාළ ව්‍යාපාරිකයා කම්කරුවන් යොදවමින් පොල් ගස් වටා මෙම සායනික අපද්‍රව්‍ය අතුරා තිබූ අතර, අද දිනයේ එම අපද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි  ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top