ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ කහ කිලෝ 57ක් නාවික හමුදා භාරයට
Sunday, 16 August 2020 - 14:02 | Views - 721
මන්නාරම - ඔලූතුඩුවායි ප්රදේශයේ සඟවා තිබියදී කහ කිලෝ 57 යි ග්රෑම් 200 ක ප්රමාණයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.
අදාළ කහ තොගය නීතිවිරෝධීව ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ බවටයි සැක පළ කරන්නේ.
මන්නාරම - ඔලූතුඩුවායි මුහුදු තීරයේ සිදුකරන ලද සෝදිසි මුර සංචාරයකදී ගෝනි දෙකක් තුළ සඟවා තිබූ මෙම කහ තොගය සොයාගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.
Share This Article