යාපනයේ කඩසාප්පු රාත්‍රී 10 තෙක් විවෘත කරන ලෙස ඉල්ලීමක්
Sunday, 16 August 2020 - 13:11 | Views - 803
යාපනය අර්ධද්වීපයේ ආර්ථික ක්‍රියාකාරකම් සක්‍රිය ලෙස පවත්වාගැනීම සඳහා එහි කඩසාප්පු රාත්‍රි 10 වනතුරු විවෘත කර තැබීමට ආණ්ඩුකාරවරිය වන පී.එස්.එම්.චාල්ස් උපදෙස් ලබාදී තිබෙනවා.
ඇය පවසන්නේ දැනට රාත්‍රී 7.30 පමණ වනවිට මෙම කඩසාප්පු වසා දැමීම හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ලවන බවයි.
ආණ්ඩුකාරවරිය මෙම උපදෙස් ලබාදුන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කැඳවා තිබූ විශේෂ සාකච්ඡාවකදියි.
මෙහිදී රාත්‍රී 10 පමණ වනතුරු විවෘතව තැබෙන වෙළඳසැල් සඳහා අවශ්‍ය ආරක්ෂාව සපයා දෙන ලෙස පොලීසියට උපදෙස් ලබාදුන් බවයි උතුර පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් ප්‍රකාශ කළේ.
Share This Article