ලොරියක් දුම්රියක ගැටීමෙන් ලොරියේ රියදුරා ජීවිතක්ෂයට
Sunday, 16 August 2020 - 13:07 | Views - 2,330
මඩකලපුව කල්කුඩා ප්රදේශයේදී ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම ලොරියේ රියදුරා මියගොස් තිබෙනවා.
ඊයේ සවස කල්කුඩා - පාසිකුඩා ප්රධාන මාර්ගයේ පිහිටි දුම්රිය ගේට්ටුවක් අසලදීයි අනතුර සිදුවී ඇත්තේ.
මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ ඉන්ධන ප්රවාහන දුම්රියක ලොරිය ගැටී තිබෙනවා.
දුම්රියට ගමන් කිරීම සඳහා ගේට්ටුව වසා තිබී ඇති අතර ලොරියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියට ගමන් කර දුම්රියේ ගැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
Share This Article