බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් සමඟ රත්නපුරයේදී අත්අඩංගුවට
Saturday, 15 August 2020 - 14:50 | Views - 959
කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ නියාමකවරයෙකු රත්නපුර - ඇත්ඔය ප්රදේශයේ දී හෙරොයින් ග්රෑම් 4යි මිලිග්රෑම් 590ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රත්නපුර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට පත්ව නියාමකවරයා රත්නපුර - මුද්දූව ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු සතුව තිබී ජංගම දුරකථන 2ක් සහ බන්ධනාගර නිළ හැඳුනුම්පතක් ද හමුවී තිබෙනවා.
අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා හෙට රත්නපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර ප්රශ්න කිරීම් සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි රත්නපුර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය සඳහන් කළේ.
Share This Article