රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට අධික වල්ලපට්ටා සහ සඳුන් අත්අඩංගුවට
Saturday, 15 August 2020 - 14:40 | Views - 545
නීතිවිරෝධීව ඩුබායි වෙත රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් වල්ලපට්ටා සහ සඳුන් අපනයනයන කිරීමට දැරු උත්සහයක්  ශ්‍රී ලංකා රේගුව  විසින් ව්‍යර්ථ කර තිබෙනවා.

මේ අතර ග්‍රෑන්ඩ්පාස් මෝදර උයන නිවාස සංකීර්ණයේ ඊයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 61දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් අනුව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය ඊයේ පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් මෝදර උයන නිවාස සංකීර්ණයේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම දියත් කළා.

පොලිස් නිල සුනඛයින් සහ පොලිස් නිලධාරින් 518දෙනෙකු මෙම මෙහෙයුමට එක්ව සිටි අතර ග්‍රෑන්ඩ්පාස් මෝදර උයන නිවාස සංකීර්ණය ආශ්‍රිතව තිබූ රථ වාහන සහ නිවාස 870පමණ පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කලේ මෙම වැටලිමෙදි හෙරොයින් ග්‍රෑම් 39ක්, ගංජා ග්‍රෑම් 85ක් සහ මත්පෙතිද සොයාගත්බවයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවරමේ නිරතවුවන් සතුව තිබු මුදල් තොගයක්ද සොයා ගැනිමට පොලිසිය සමත් වුණා.

පොලීසිය පැවසුවේ මෙම හදිසි සොදිසි මෙහෙයුමෙදි සැකකරුවන් 61දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි රන්මාල කොල්ල කෑමේ සිද්ධීන් විශාල ප්‍රමාණයකට අදාල නඩුවලට  සම්බන්ධව අධිකරණය මගහරිමින් සිටි විවෘත වරෙන්තු 20 ක් ලැබ සිටි හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවකු හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර වල්ලපට්ටා සහ සඳුන් තොගයක් ඩුබයි වෙත නීතිවිරෝධී ලෙස අපනයනය කිරිමට දැරූ උත්සහයක් ශ්‍රී ලංකා රේගුව මගින් ව්‍යර්ථ කර තිබෙනවා.

අදාල වල්ලපට්ටා සහ සඳුන් තොගය මඤ්ඤාක්කා,ගස්ලබු තැඹිලි,අන්නාසි අතර සගවා අපනයනය කිරිමට උත්සහ කර තිබුණා.

රේගුව ප්‍රකාශ කළේ වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 120ක් සහ සඳුන් කිලෝග්‍රෑම් 120ක් මෙම ද්‍රව්‍ය පැටවු බහාලුමේ සගවා තිබු අතර එහි වටිනාකම රුපියල් එක්කෝටි 25 ලක්ෂයකට අධික බවයි.

ඔරුගොඩවත්ත අපනයන බහාලුම් මධ්‍යස්ථානයේ තිබී අදාළ බහලුම පරික්ෂණවට ලක් කර ඇත්තේ එහි පැළැටි නිරෝධායනය අංශයේ නිලධාරින්ගේ සහයද ඇතිවයි.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් අදාළ බහාලුම ඩුබායි වෙත යැවිමට උත්සහ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයින් 3දෙනෙකු රේගු භාරයට ගෙන ඇති අතර ශ්‍රී ලංකා රේගුව පැවසුවේ ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරිම් සිදුකරන බවයි.
 
මේ අතර, නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා ගෝඩා මිලිලීටර් ලක්ෂ 4ක් සහ ස්ප්‍රීතු ලීටර් 20ක් සමග සැකකරුවන් තිදෙනෙකු යටියන්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, මුදල් විශුද්ධිකරණයට අදාළ පැමිණිලි භාර ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ පිහිටුවා ඇති විශේෂ ඒකකය මේ වනවිට සිද්ධීන් 38ක් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.

මේ අතර, විවිධ වැරදිවලට සම්බන්ධ බන්ධනාගාර නිලධාරින් 15 දෙනෙකු මේ වන විට වැඩ තහනමට ලක් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමෙන්තුව පවසනවා.

ඒමෙන්ම බන්ධානාගාර නිලධාරීන් 21 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බුස්ස බන්ධනාගාරයේ ජේලර්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරින්10 දෙනෙකු, මීගමුව බන්ධනාගාරයේ 9 දෙනෙකු මෙන්ම දුම්බර සහ වාර්යපොල බන්ධනාගාරවල නිලධාරීන් දෙදෙනෙකු මෙලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

මෙම ස්ථානමාරු විම් ලබා දි ඇත්තේ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින් විසින් ලබා දී තිබු තොරතුරු මතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top