පොලිස් නිළ සුනඛ වෙන්දේසියක්
Saturday, 15 August 2020 - 14:26 | Views - 1,648
පොලිස් නිල සුනඛ කොට්ඨාශයට අයත් සේවයෙන් ඉවත් කළ සුනඛයින් වෙන්දේසියක් මහනුවර දී අද පැවැත්වුණා.

මෙහිදී නිළ සුනඛයින් 25 දෙනෙකු වෙන්දේසි වූ බවයි මහනුවර පොලිස් නිළ සුනඛ කොට්ඨාශය සඳහන් කළේ.

වයස අවුරුදු 10 ඉක්ම වූ නිල සුනඛයින් මෙලෙස වෙන්දේසි කර තිබෙනවා.

එහිදී රුපියල් ලක්ෂය ඉක්ම වූ මුදලකට වෙන්දේසි වූ බි්‍රට් නැමති සුනඛයා අනුයුක්ත කර තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටයි.

එමෙන්ම, අද වෙන්දේසි කරන ලද නිළ සුනඛයින් අතර රෙජී, බෙට්කා, ඇල්වින්, බම්බර්, රෝසි සහ හීරෝ වනවා.

මේ අතරින් හීරෝ නම් නිළ සුනඛයා අපරාධ පරීක්ෂණ 350ක් සහ මත්ද්‍රව්‍ය වැටලීම් 600ක් සඳහා යොදාගෙන ඇති බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top