සේනා පස්සරින් යළි හිස ඔසවයි
Saturday, 15 August 2020 - 13:09 | Views - 178
සේනා දළඹුවන් හේතුවෙන් අසරණ වු ගොවීන් පිරිසක් පිළිබදව පස්සර - ලුණුගල - මැටිගහතැන්න ගම්මානයෙන් වාර්තා වනවා.

එම ගොවීන් පෙන්වා දෙන්නේ, පවතින තත්ත්වය හමුවේ තම එකම ආදායම් මාර්ගයද මේ වන විට ඇහිරී ගොස් ඇති බවයි.

පස්සර ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැටිගහතැන්න ගම්මානයේ ගොවීන් මෙවර අතිරේක භෝගයක් ලෙස බඩ ඉරිඟු වැවීමට පියවර ගත්තේ කෘෂි නිලධාරින්ගේ උපදෙස් මතයි.

වර්ෂා කාලයට මෙම ගොවීන් වී වගාවට යොමුවුවද, වර්ෂාව රහිත කාලයේදි ජලය සපයා ගැනීමට ඇති අපහසුතාව හේතුවෙන් ඔවුන් අතිරේක භෝග වගාවන්ට යොමුවනවා.

ඒ අනුව මැටිගහතැන්න ගම්මානයේ ගොවීන් මෙවර අක්කර 40 කට වැඩි වපරිසයක බඩඉරිඟු වගාව සඳහා යොමුවූයේ මෙම කාලයේදී තම එකම ආදායම් මාර්ගය එය වන බැවින්.

කෙසේ වෙතත්, මෙවර අස්වැන්න පීදීමටත් පෙර සේනා දළඹුවන්ගෙන් බඩඉරිඟු වගාවට බලපෑම් එල්ලවී තිබෙනවා.

මෙම වගා හානිය පිළිබඳව කෘෂි නිලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු ක්‍ෂේත්‍ර පරීක්ෂාවකට නොපැමිණි බවයි ගොවීන් චෝදනා කරන්නේ.

මීට පෙර සේනා දළඹු ආක්‍රමණය හේතුවෙන් දිවයින පුරා ගොවීන් විශාල පිරිසකට බලපෑම් එල්ලවූ අතර, පස්සර - ලුණුගල - මැටිගහතැන්න ගම්මානයේ ගොවීන් නගන චෝදනාව පිළිබඳව අප කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන්ගෙන් විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ එවැනි තත්ත්වයක් පිළිබදව තමා දැනුවත් කර නොමැති අතර, ඒ පිළිබද සොයා බලා විසදුමක් ලබාදීමට කටයුතු කරන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top