‘මීට වඩා දේවල් ලංකාවේ වෙලා තියෙනවා. වැරදි හදාගෙන ඉදිරියට යන්න හිතනවා..‘ - ශෙහානි කහඳවල
Sunday, 06 May 2018 - 19:54 | Views - 5,907
ඇය නමින් ශෙහානි කහඳවල. ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයක් ඇතුළත ඇය ලොකු ජනප්‍රියත්වයක් ලබා ගෙන අවසන්. පුංචි තිරයේ පෙම්වතිය වු ඇය ගැන මේ විදිහට පුවත්පතක ලිපියක් සදහන් වී තිබුණා. මේ ඒ ගැනයි.

මේ දවස්වල මොනවද වෙන වැඩ කටයුතු?


නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. හිරු ටීවී එකේ රියැලිටි වැඩසටහනකට මෙගා ස්ටාර් සීසන් 2 ට සහභාගී වෙනවා. ටෙලි නාට්‍යය වැඩ කටයුතු කර ගෙන ඉන්නවා.

හිරු මෙගා ස්ටාර් කියන්නේ ෂෙහානි ගේ පළමුවැනි රියැලිටි අත්දැකීමද?

නැහැ. මම හිතන්නේ දෙවැනි රියැලිටි අත්දැකීම. අනිත් ඒවාට සාපේක්ෂව මේ තුළින් ගොඩක් ජනප්‍රියයි මම.

නිහඬ වෙන්න හේතුව ?

එහෙම නැහැ. හැමෝටම කාල වකවානු තියෙනවා නේ. මම කියන්නේ එක්ස්පයර් වෙනවා කියන එක නෙමෙයි. අපිට හැමදේම හරියන කාලයක් තියෙනවා. ඉතින් සමහරවිට මටත් එහෙම වෙන්න ඇති. මම කියන්නේ නැහැ මට වැඩ ආවේ නැහැ කියලා. වැඩ ආවා. මම හිතනවා හැමදේට ම හොඳ කාලයක් තියෙනවා කියලා.

ශෙහානි ගේ සුන්දරත්වය නිසා වැඩිපුර මියුසික් වීඩියෝස් සඳහා අරාධනා ලැබුණත් සීමිත ප්‍රමාණයක් ලු භාර ගන්නේ. ඇත්තද මේ කතාව?

එහෙම නැහැ. දැන් නම් මම ගොඩක් සීමා කරගෙන තියෙන්නේ. මම එක දිගටම මියුසික් වීඩියෝස් කළා. මට තේරුණා, අපි මේ විදිහට මිනිස්සුන්ට පෙනෙන්න ගත්තොත් අපි එපා වෙන්න ගන්නවා. අපි හොඳ දෙයක් කරන්න ඕන. හැමදාම ඕන එකයි එපා එකෙයි ඉඳලා වැඩක් නැහැ. අපි වෙනම දෙයක් කරන්න ඕන. මිනිස්සුන්ට එකම දේ දැකලා එපා වෙනවා. මම දැන් හැම එකකටම යන්නේ නැහැ . හොඳ වැඩක් අවොත් භාර ගන්නවා.

දැන් ෂෙහානිට ටෙලි නාට්‍ය සඳහා ඒ තරම්ම ආරාධනා ලැබෙන්නේ නැහැ කියන්නේ ඇත්තද?

එහෙම නැහැ. මෙහෙමයි ඕනෑම මනුස්සයෙකුට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා නේ. අපි කියමු අපිට ටෙලි නාට්‍ය තුනකට ආරාධනා ලැබුණා කියලා. එතකොට ඒ තුනම භාර අරගෙන සතියකට දින වෙන් කරන්න ගියාට පස්සේ කොහොමද තුනේම වැඩ කරන්නේ. කරන්න බැහැ නේ. මට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට විතරයි මම වැඩ භාර ගන්නේ.

ශෙහානි පුංචි තිරයේ පෙම්වතියක් වී අවසන්. නමුත් සැබෑ ජිවිතේ පෙම්වතියක් වෙන්න කාලය ඇවිත් නේද?

අනේ මට කවුරුත් ඕනේ නැහැ. මම මාගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්නවා.

ආදරෙන් පැරැදිලා වගේ කතා කරන්නේ ඇයි?

අයියෝ නෑ නෑ. කවුරුත් ඕන නෑ කියලා කියන්නේ මාගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් කියන එක. නැතුව ආදරෙන් පැරැදිලා නැහැ. ඕන කාලේදී ඒ ගැන හිතනවා.

පසුගිය කාලයේදී ඔබට රංගනයේ සිටින ප්‍රවීණ පිරිසකගෙන් චෝදනාවක් එල්ල වුණා, ඔබ අඳින පළඳින ඇඳුම් සම්බන්ධව. ඒ එල්ලවුණු චෝදනා භාර ගන්නවද?

මම ඒ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මෙහෙමයි අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒවා ඉතින් ඇත්තටම බැලුවොත් මාගේ ඒ වෙච්ච දේ පොඩි සාමාන්‍ය දෙයක්. මීට වඩා දේවල් ලංකාවේ වෙලා තියෙනවා. ඉතින් මං ඒවා ගණන් ගන්නේ නැහැ සත පහකටවත්. හැබැයි මම අවවාද පිළිගන්නවා. මම වැඩිහිටයන්ට ගරු කරනවා. වැරැද්දක් වුණාට පස්සේ ඒ වැරැද්ද හදා ගෙන ඉදිරියට යනවා. නමුත් මම කියන්නේ ඒ දේ මහා ලොකුවට විවේචනය කරන්න දෙයක් නෙමෙයි. මොකද ඊට වඩා දේවල් මේ ලංකාවේ දැනටත් වෙනවා.

ෂෙහානි කියන්නේ හිතුවක්කාර, වැඩිපුර කේන්ති යන චරිතයක්ලු. ඒ දේට එකඟ ද?

නෑ. එහෙම නෑ. මෙහෙමයි මට අනවශ්‍ය දේවල් කිව්වොත් මට අදාළ නෑනේ. මට අදාළ දේවල් විතරයි මම භාර ගන්නේ. ඉතින් ඕනෑම මනුස්සයකුට කේන්ති යනවා, සතුටු හිතෙනවා. අපිට මනුස්ස ජිවිතයේ තියෙන්න ඕන දේවල් හැම මනුස්සයකුටම තියෙනවා. මමත් එහෙම කෙනෙක්. හැබැයි මම කේන්ති අරගෙන අනිත් අය වගේ රණ්ඩු කරන්න යන්නේ නැහැ. මම සද්ද නොකර පැත්තකට වෙලා ඉන්න කෙනෙක්. මම හරිම සංවේදී. මට හරියට දුක හිතෙනවා. ඉතින් මට තරහා යනවා. ඒත් ඒ දේ මම පෙන්වන්නේ නැහැ.



Share This Article
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී ප්‍රදර්ශනයට තබා ඇති අති...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top