ලංකාවේ කෙල්ලෙක්ව කරකාරේ බැන්ඳ, දකුණු ඉන්දියානු සිනමාව හොල්ලපු විජෙයිගේ, කවුරුත්ම නොදන්න කතාව
Friday, 14 August 2020 - 16:00 | Views - 9,085

"තලපති විජේයි" විදිහට දකුණු ඉන්දීය සිනමාවේ ඉදිරියෙන්ම සිටින සුපිරි නළුවාව ඔබ නොදන්නවා වෙන්න බැහැ. රංගන හැකියාවෙන් වගේම ගායනයෙන්, නර්තනයෙන් තමන්ට ආවේණික වුනු "වට්ටෝරුවක්" හදාගත්තු "විජේයි" ගැන, අපූරු සටහනක් අපිට බුකියෙන් හමුවුණා.
මේ ඒ සටහන............
විජයි කියන්නේ අපිට එක නමක් විතරක් වුනාට වර්තමානයේ එම නම දකුණු ඉන්දියාවේ සංකේතයක් වී හමාරයි.
ඒ තමන්ගේ වියදමින් පාසල් ගණනාවක්, සුබ සාධන සංගම් රැසක්, ඒවගේම කෝටි ගණනාවක් තමන්ගේ ජනතාව වෙනුවෙන් වියදම් කරමින්. ඒ විතරක් නොවේ ඔහු සමහර අසංවර දේශපාලකයන්ට හිසරදයක් වෙලා ඉන්නේ මහජනතාවගේ ප්‍රසාදයත් සමගයි.
නමුත් සමහර දේශපාලකයන්ට ඔහු ඉතා ප්‍රියතම රංගන ශිල්පියෙක් (උදාහරණයක් වශයෙන් ගතහොත් අපේ රටේ අගැමැති තුමාගේ පුත් නාමල් රාජක්ෂ මැතිතුමත් විජයිගේ ප්‍රබල රසිකයෙක්. ඔහුගේ චිත්‍රපටියක teaser නැත්නම් trailer පිටවූ වහාම ඔහු සෑම විටම ඔහුගේ twitter ගිණුමෙන් ඒ ගැන සඳහන් කරනවා).
ඒ වගේ ම දකුණු ඉන්දියාවේ සිටින පවුල් වැඩි ප්‍රමාණයකට ඔහු එක් කුසේ නූපන් සහෝදරයෙක්, පුතෙක්. ඔවුන් ඔහුට සලකන්නේ තමන්ගේ පවුලේ අයෙකුට මෙන්. එවන් තැනකට ඔහු පැමිණෙන්නේ ඉතා ලේසියෙන් නොවේ.
අපි ඇයි එයා ගැන දැන ගන්නේ කියලා සමහර අය හිතන්න පුළුවන්, තවත් සමහර අය එයාට කැමති නෑ එයා 2011 ශ්‍රීලංකාවේ දෙමළ ජනතාවට සහයෝගය පළ කරලා එක දවසක් කතා කරපු නිසා.
හැබැයි මම ඒ තුළින් ඔහුගේ තවත් ගුණාංගයක් දැක්කා. ඒ තමයි යි අනුන් ගැන හිතන පුරුද්ද. ඔයාලා ගොඩක් දෙනෙක් නොදන්නවා වුනාට විජයි කියන්නේ ක්‍රිස්තියානි පවුලක ඉපදුනු කෙනෙක් .ඔහුගේ මුළු නම ජෝසප් විජයි. හැබැයී මේක වැඩි දෙනෙක් දන්නේ නම් නැහැ. මොකද ඔහු ජාතිවාදයට ඉහලින්ම විරුද්ධ කෙනෙක්. ඒ වගේම ඔහු බැන්ඳේ ශ්‍රීලාංකික කාන්තාවක්ව. ඒ වගේම ඇය හින්දු ජාතික කාන්තාවක්.
මම ඒ හැම දේම මේකේ සඳහන් කරන්නේ ඔහුගේ ජීවිත කතාවෙන් අපිට ගන්න පුළුවන් හොඳම දේ ඔයාලත් එක්ක බෙදාගන්නයි.
විජයි උපත ලබන්නේ 1974.06.22 දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පවුලේ කුළුඳුල් දරුවා ලෙස. ඒ වන විට ඔහුගේ පියා kollywood සිනමාවේ සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙසත්, ඔහුගේ මව ගායිකාවක් ලෙසත් කටයුතු කරනවා.
ඉන් අවුරුදු 5කට පස්සේ ඔවුන්ගේ ලස්සන කැදැල්ලට දිව්‍යා කියලා තවත් පුංචි කුමාරිකාවකුත් උපදිනවා. එනම්, ඇය විජයිගේ නංගී. පොඩි කාලේ ඉඳන්ම ඉතා කාර්යක්ෂමව හා දඟ වැඩ කරන් හිටිය විජයිට හා ඔහුගේ පවුලේ අයට 1985 දී නොසිතූ වේදනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ඔහුගේ පණ මෙන් ආදරය කරන නැඟණියගේ වියෝවය.
එතැන් පටන් ඉතා හුරුබුහුටි ව දඟ වැඩ කරන් හිටපු විජයි මුළුමනින්ම වෙනස් වන්නේ ඔහුගේ චරිතයම කනපිට හරවමින්. එයින් පසු ඔහු ලෝකයාගෙන් ඈත් වී ජීවත්වෙන්න පුරුදු වෙනවා. ඔහුගේ නැගණියගේ වියෝවය සිදුවන්නේ 1985 දී හැබැයි ඔහු 1984 දී එනම් ඔහුට අවුරුදු 10 වනවිට ඔහු තම පියා අධ්‍යක්ෂනය කල “වෙට්ට්ර්” කියනන චිත්‍රපටියේ ළමා චරිතයක් රඟපා හමාරයි.
ඒ අවස්ථාවේ ඔහුට රඟපෑම ගැන එතරම් කැමැත්තක් තිබ්බේ නෑ. ඒත් එය රඟපෑ විට ඔහුගේ නංගී එයට ඉතා කැමැත්තක් දක්වලා තියෙන නිසා ඔහු ඇගේ වියෝවයෙන් පස්සේ තම නංගිගේ කැමැත්ත තමාගේ කැමැත්ත කර ගනිමින් සිනමා ක්ෂේත්රයට ප්‍රවිෂ්ට වන්නේ 1992 දී එනම් ඔහුට අවුරුදු 18 දී.
ඔහු ඔහුගේ Interview එකක මෙහෙම කියලා තියෙනවා “හැමෝම හිතනවා ඇති මගේ තාත්තා අධ්‍යක්ෂකවරයෙක් නිසා මට මේ ක්ෂේත්රයට එන්න එච්චර දුකක් වින්දේ නෑ කියලා. හැබැයි මම වින්ද දුක් කරදර මමයි මගේ දෙමාපියනුත් විතරයි දන්නේ කියලා”.
ඔව් ඔහු කියපු දේ 100% ඇත්ත. ඔහු 1991 දී ඔහුගේ පියා වෙත ගොස් ඔහුගේ මම ආසාව කියපු වෙලාවේ ඔහුගේ පියා ඔහුට කියපු වදන “නිකන් විහිළු නොකර හිටපං” කියායි.
හැබැයි දවසින් දවස ඔහුගේ ඇවිටිලි කිරීම වැඩි වූ නිසාම ඔහුගේ පියා තමන්ගේ හිත ගල් කරගනිමින් “රඟපෑම කියන්නේ විහිළුවක් කියලද තමුන් හිතන්නේ, ඒකට දක්ෂතාවය වගේම රූමත්කමත් ඉතා වැදගත්” කියායි.
මෙසේ පවසන්නේ ඔහු තුල ඇති දක්ෂතාවය ඔහු නොදැන සිටීම කියා ඔහුගේ පියාම කියාම සිටියා වර්තමාන සාකච්ඡාවක් අතතුරදී. තම පියාම තමාට මෙවන් වදනක් කීවා යැයි අසරණ විජයි තමාට chance එකක් දුන්නොත් විතරයි ආයෙමත් ගෙදර පැමිණෙන්නේ යැයි කියා තරහෙන් ගෙදර හැර යන්නේ තමන්ගේ සිහිනය ඉටුකර ගැනීමේ මුල් ගල තියමිනය.
විජයිගේ මේ ක්‍රියාවෙන් අසරණ වන ඔහුගේ දෙමාපියන් අවසානයේ තීරණය කරනවා ඔහුගේ අසාවට ඉඩදෙන්න.
ඉන්පසු ඔහුගේ පියා තම එක් ගෙදරක් විකුණා ඔහුවා රිදී තිරයට “නාලෙය තීර්පු” කියලා චිත්‍රපටියකින් සිනමාවට හඳුන්වා දෙනවා. එම චිත්‍රපටියට පසු ඔහුට ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙනවා. එක් ප්‍රබල පුවත්පතක් ඔහුගේ හැඩරුව සමච්චලයට ලක් කරමින් “මේ මුහුණ සල්ලි දීලා theatre එකට ගිහිල්ලා බලන්න ඕනෙද?” කියලා පිටුවක් ඔහුව විමර්ශනය කරලා ලිපියක් දමා තිබුණා.
හැබැයි ඔහුගේ දියුණුව කොතරම් කිව්වොත් එම පුවත්පතම 2014 දී “ විජයි ඔබ තමයි ඊළඟ සුපිරි තරුව” කියලා පළකරනවා.
මම හිතන්නේ එය තමයි දියුණුව කියලා. ඔහු ඒ තැනට එන්න විඳපු දුක්,අවමාන වගේම පැසසුම් ඔහු සඳහන් කළා.
”මම මගේ ජීවිතේ හුගාක් අවමන් විඳල තියෙනවා . සමහර දවස් වල ෂූටිං එකේ ඉන්න අය පවා මම තාත්තාගේ සල්ලි වල බලයෙන් නටනවා කියලා කියන එක මම මගේ කන් දෙකෙන් අහලා තියෙනවා. මම ඉස්සෙල්ලාම රඟපාපු චිත්‍රපටි 4ම මගේ තාත්තාගේ සල්ලි වලින් ගත්තෙ. හැබැයි ඒවා හරියට සාර්ථක වුනේ නැහැ. සමහර dance මාස්ටර් ලා මට මුහුණටම බැන්නා සිනමාව විනාශ කරන්නේ නැතුව පලයං කියලා. මම මේ ගැන හිතලා රෑ තනියෙන් අඬලා තියෙනවා. ඇයි මාව දෙවියන් මේ ලෝකෙ තනි කළේ කියලා. හැබැයි ඔහු මට එහෙම කරලා නෑ . මං ජීවිතේ පටන් ගන්න කොටම සමහර මිනිස්සුන්ගේ හැටි පාඩමක් හැටියට කියල දුන්නා.” කියලා.
මේ වගේ ගොඩක් දුක් කරදර විඳපු ඔහු ඔහුගේ කලාව කොතරම් දුරට ප්‍රගුණ කළාදැයි කිව්වොත් අද ඔහු තමයි kollywood සිනමාවේ ප්‍රභූ දේවා හා රාගවා ලරන්ස් යන dance masters ලට පස්සේ ඉතාමත් හොඳට dance කරන නළුවා.
එය අද දමිළ සිනමාවේ කාගෙන් ඇහුවත් කියන්නේ ඔවුන්ගේ ආසම දක්ෂතම dancing hero කවුද කියලා ඇහුවොත් ඔවුන් හැමෝම කියන්නේ විජයි ගේ නම. දමිළ සිනමාව විතරක් නෙමේ bollywood super star ෂාරුක් කාන් ගේත් fvrt dancing hero විජයි තමයි.
විජයිගේ dance එක ගැන කතාකළොත් ඔහුගේ ඩාන්ස් වල තියෙන විශේෂම අංගය effortless dancing. ඒ කියන්නේ ඔහු කොච්චර අමාරු ඩාන්ස් ස්ටෙප් එකක් නැටුවත් එකේ අමාරුව ඔහුගේ මුහුණින් පෙන්නන්නේ නැහැ. එච්චර හොඳ ඩාන්සර් කෙනෙක්.
ඒ වගේම ඔහු ඉතා හොඳ ගායකයෙක්. ඔහු ගැයූ සිංදු youtube records ගොඩක් තියල තියෙනවා. ඒ වගේ හැම පැත්තෙන්ම sixer ගහන කෙනෙක් . ඔහුගේ චිත්‍රපටි ගැන කතා කරන කොට, හා ඔහුගේ රඟපෑම ගැන කතා කරන කොට එය ඉතා විශිෂ්ටයි.
ඔහුගේ සටන් ජවනිකා ,විහිළු බවින් යුක්ත රඟපෑම, ඒ වගේම emotional scene වල රඟපාන්න ඔහු කියාපු දක්ෂයෙක්.ඔහු ඔහුගේ ගමන පටන් ගත්තට පස්සේ තමයි ඔහුගේ කලාව දියුණු කරගන්නේ. අද දමිළ සිනමාවේ ඉන්න බොහෝ heroes ලගේ role model එක විජයි තමයි . එය ප්‍රසිද්ධ නළුවෙක් වන දනූෂ් උත්සවයක මෙහෙම කියනවා
“විජයි තමයි මම දැකපූ සාර්ථකම විශිෂ්ටතම නළුවා.ඔහු ළඟ හුඟක් හොඳ ගතිගුණ මම දැකලා තියෙනවා. හැබැයි මම ඒ ගතිගුණ තවමත් වෙන කා ළඟවත් දැක නැහැ .මගේ මාමණ්ඩිය රජිනි කාන්ත් ළඟවත් නෑ. ඒ තමයි ඔහුගේ නිහතමානීකම. ඔහු හැමෝවම සමානව බලන්න දන්න පුද්ගලයෙක්. ඔහු කාත් එක්ක කතා කළත් යාළුවෙක් වගේ ඔහුගේ කර උඩ අත දාගෙන කතා කරනවා වගේම ඔහුගේ කර මත අත දාගෙන කතා කරන්නත් කියනවා.ඔහු කොච්චර නිහඬව හිටියත් ඔහුගේ රසිකන්ට මෙන්ම මහ ජනතාවටත් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් නළුවෙක් වශයෙන් පළමු කෙනා ලෙස ඔහුගේ හඬ අවදි කරනවා. ඔහු සිනමාවට විතරක් නොවේ ඇත්ත ජීවිතයේ real hero” කියලා.
ඔව් දනූෂ් කියපු දේ සම්පූර්ණයෙන්ම ඇත්ත.ඔහු කොන්ද කෙලින් කතාකරන පිරිමියෙක් කියලා ඔහු කීප වතාවක්ම පෙන්නලා තියෙනවා.. ඒ ජනතාවගේ ප්‍රශ්න ඔහුගේ චිත්‍රපටවල මෙන්ම වේදිකාවලත් කතා කරන නිසා. ඒ හින්දම තමිල්නාඩු රජයට විජයි එක්ක පුද්ගලික තරහක් ගොඩනැගුනා කිව්වොත් ඒක බොරුවක් නෙමේ.
ඒක පටන්ගන්නේ ඔහුගේ 2011 දී release වුනු කාවලන් චිත්‍රපටියෙන්. ඊට පස්සේ ඔහු දිගටම ඔහුගේ ජනතාව වෙනුවෙන් ඔහුගේ හඬ අවදි කළා. ඊට පස්සේ දිගින් දිගටම ඔහුගේ චිත්‍රපට වලට තර්ජන එල්ල වන්න පටන්ගත්තා. එයින් ප්‍රධානම එක වන්නේ ඔහුගේ 2013 දී release වුනු තලෙයිවා කියන චිත්‍රපටිය .එම චිත්‍රපටිය release කලොත් theatre වලට බෝම්බ ගහනවා කියලා තර්ජනත් ආවා.
එදා පටන් අද වෙනකන් ඔහුගේ හැම චිත්රපටියකටම මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා.ඒ හැම දෙයක්ම කරන්නේ ඔහුගේ දියුණුව නවත්වන්න වුනත් ඔවුන්ගේ හැම උත්සහයක් ම අසාර්ථක කරමින් ඔහු අද පැමිණ සිටින්නේ දියුණුවේ උච්චතම අවස්ථාවටයි.
ඔව් අද ඔහු තමයි දමිළ සිනමාවෙ අංක එකේ නළුවා. අද වන විට ඔහු දමිළ සුපිරි තරුව” වන රජිනකාන්ත්වත් අභිබවා ගිහින් ඉවරයි. ඔහුගේ චිත්‍රපටි දැනට අඩුම වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 250 කට වඩා වැඩියෙන් box office වාර්තා තබනවා.
ඔහුගේ රඟපෑමෙන් අන්තිමටම තිරගත වුනු බිගිල් චිත්‍රපටිය ඉන්දියානු රුපියල් කෝටි 300 වඩා ඉපයුවා. ඒ චිත්‍රපටිය ශ්‍රීලංකාවේ පමණක් ඉන්දියානු රුපියල් කෝටි 10ක් උපයලා තියෙනවා . එය ත්මයි සාර්ථකත්වය .
මේ සාර්ථකත්වය ඔහු ළඟා කරගත්තේ නිකන් නෙවෙයි අවුරුදු 25කට වඩා වැඩියෙන් දුක් මහන්සි වෙලා.අදටත් ඔහුට හැම පැත්තෙන්ම තර්ජන ගර්ජන පැමිණෙමින් සිටියත් ඔහු නෑ ඒව ගණනකට ගන්නේ. අලුතෙන් ඔහුට ආදයම් බදු දෙපාර්තමේන්තුව ලවා මඩ පහරක් ගහන්න උත්සහ කළත් ඔහු ඒ උගුලෙන් බේරුණේ Mr. Clean යන නාමයෙන්.
ඔව්,ඒගොල්ලන්ට ඔහුගේ ගෙදරින් රුපියලක් වත් හොයාගන්න බැරිවෙනවා.අද වැඩිම රසිකයන් පිරිසක් ඉන්න දමිළ නළුවා දේශපාලනයට අවතීර්ණ වේදැයි බයෙන් එක් පිරිසකුත්, තමන්ට හොඳ නායකයෙක් ලැබේවා කියලා තව පිරිසකුත් මග බලාගෙන හිටියත් ඔහු දේශපාලනයට අවතීර්ණ නොවී තවමත් කෝටි ගණන් තමන්ගේ ජනතාව වෙනුවෙන් වියදම් කරමින් තවමත් ඉන්නේ නිහඬ ගමනකය.
එදා හැමෝම ඔහුගේ රුවට විහිළු කළත් අද දමිළ සිනමාවේ ලස්ස්නම heroes ලගෙන් එක්කෙනෙක්. පිටතින් විතරක් නෙමේ හදවතිනුත්.
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය Aadhik Sampath සතුයි...
Share This Article