විවාහවී එකට ජීවත් වූයේ මාස හතයි- 23 හැවිරිදි බිරිඳ හැරයෑම ගැන කළකිරීමෙන් සිටි ගුරුවරයා දිවි හානිකරගෙන
Friday, 14 August 2020 - 9:32 | Views - 2,325
මෙසේ මිය ගොස් සිටින මගේ පුතා විවාහ වී ගතවී ඇත්තේ මාස එකොළහයි. නමුත් එකට ජීවත් වූයේ මාස හතයි. පසුව මොහුගේ බිරිඳ මොහු හැර දමා ඇගේ මවුපියන්ගේ නිවසට ගොස් පුතාට එරෙහිව දික්කසාද නඩුවක් දැම්මා. ඒ සම්බන්ධයෙන් ඉකුත් 31 දා උසාවි ගොස් ඇප පිට නිදහස්ව පුතා ගෙදර ඇවිත් සිත කළකිරී හිටියා. සිද්ධිය වූ දිනට පෙර රාත‍්‍රී කෑම කෑවෙත් නැහැ. (11) උදෑසන බලන විට කාමරයේ ගෙල වැලලාගෙන හිටියා. මෙයට පෙර දිනු ඔහු සතුව තිබූ ගම්මිරිස් ටික විකුණා මට රුපියල් 73000 ක් දුන්නා. මම කිව්වා පුතා සල්ලි පොතේ දා ගන්න කියා. මට සල්ලිවලින් වැඩක් නැහැ කිව්වා.
 
 බළන්ගොඩ බටුගම්මන ප‍්‍රදේශයේ ජීවත් වූ පාසල් ගුරුවරයකු ඒ. ඞී. ගයාන් ප‍්‍රදීප් ලක්මාල් (30) නමැති අයගේ මරණය සම්බන්ධ පරීක්‍ෂණයේදී සාක්ෂි දෙමින් ඉහත ප‍්‍රකාශය කරන ලද්දේ ඔහුගේ මව වූ ඞී. ඞී. ලීලාවතී නමැති අය විසිනි.
 
 මෙහිදී සාක්ෂි දුන් මිය ගිය අයගේ බිරිඳ වූ සඳුනිකා දිල්හානි වික‍්‍රමසිංහ (23) නමැති අය මෙසේ පැවසුවාය.
 
 අප දෙදෙනා විවාහ වුණේ ප්‍රේම සබඳතාවයකින් පසුවයි. නමුත් සැමියාගේ ගෙදර ඔහුගේ සොහොයුරියන් සමග විවිධ අර්බුද ඇති වුණා. මම වෙනම නිවසක ජීවත් වෙමු කියා යෝජනා කළා. නමුත් සැමියා ඊට කැමැති වූයේ නැහැ. ඔහුගේ පවුලේ අය සමග ආරවුල් නිම නොවූ හෙයින් අපේ අම්මලෑ ගෙදර ගොස් වෙන්වීමට නීතියේ පිහිට පැතුවා. ඊට පෙර මිතුරු පියසට ගොස් මේ ආරවුල විසඳා ගෙන යුග දිවිය ගෙන යෑමට උපදෙස් පැතුවා. ඔවුන් අපට කීවේද මහගෙදරින් වෙන්වී ගොස් දෙදෙනාට ජීවත් වන ලෙසයි. නමුත් සැමියා ප‍්‍රතිචාර දැක්වූයේ නැහැ.
 
 පශ්චාත් මරණ පරීක්‍ෂණය බළන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය එච්. එම්. සී. ජී. බණ්ඩාර මහතා විසින් සිදු කළේය. සාක්ෂි මෙහෙයවීම පො. සැ. (64484) චන්දිමාල් මහතා සිදු කළේය.
 
 මෙය සිත් තැවුලට පත්ව සිදුකරගත් සිය දිවි හානිකර ගැනීමක් බවට රජවක කොට්ඨාසයේ හදිසි මරණ පරීක්‍ෂක පත්මේන්ද්‍ර විජයතිලක මහතා තීන්දු කළේය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top