පැරණි පෙම්වතිය වූ සුලෝචනාගේ ආත්මය දින 3ක් තිස්සේ කරපු දෙයක් ගැන, ප්‍රසිද්ධ මල් ශාලාවක වැඩ කරපු ප්‍රදීප් කළ අදහාගත නොහැකි හෙළිදරව්ව
Friday, 14 August 2020 - 9:18 | Views - 429
විශ්වාසය හා අවිශ්වාසය අතර ජීවිතය දෝලනය වෙද්දි මිනිසුන් වැඩිපුරම විශ්වාසය තැබුවේ විශ්වාස කළ නොහැකි දේවල් මතයි..
 
තර්කයට බුද්ධියට හසු නොවන අදෘශ්‍යමාන ගුප්ත බලවේග දෘෂ්‍ය මානයේ පවතින ජීවිත-වලට කරන බලපෑම කලක සිටම මිනිසුන් අත්විඳ තිබුණා.
 
ඒ.. අත්දැකීම් ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ඒ විශ්වාසයන් ගලා ගියා. විටෙක රාත්‍රීයේ අඳුරේ හුදකලාවේ පාළු මංසන්දියේ සුසාන භූමියේදී අදෘශ්‍යමාන බලවේග භූත ප්‍රේත හොල්මන් අවතාර ලෙසින් කළ බලපෑම ගැන වඩා වඩාත් විශ්වාස කරමින් භීතියට පත් වී තිබුණා.
 
මරණයෙන් පසු මරණයෙන් පිබිදුණු විශ්වයේ සැරිසරන අදිසි ගුප්ත බලවේග සොයා යන.. නවතම ටෙලිවිෂන් රූ මාලාවයි... "අඳුරු සෙවනැලි".

හිරු ටීවී නිෂ්පාදනයක් ලෙසින් දිග හැරෙන, "අඳුරු සෙවනැලි" අද්භූත ටෙලි නාට්‍ය මාලාව, සෑම අඟහරුවාදාවකම රාත්‍රී 10.30 ට හිරු TV ඔස්සේ විකාශනය වනවා.
 
මේ එහි පස්වැනි දිගහැරුමයි....
 
මේ මුණ ගැහීම අහම්බයක්ද? ඒක එහෙම වෙන්නත් පුළුවන්..................
 
"මේකද දැන් රස්සාව?"
 
"බයවෙන්න ඕනි පණ තියෙන මිනිස්සුන්ට...... මට ඔයා මෙතැන තනි පංගලමේ දාලා යන්න බෑ...."
 
කලකට ඉහත තම ආදරවන්තිය වූ සුලෝචනා සිය ගෙදර ඒමත් ඇයව මෙසේ මුණ ගැසීමත් ප්‍රදීප්ට සතුටක් ගෙන ආවා... ගාමන්ට් එකේ "දිග නිවාඩුවකට" සුලෝචනා නැවත ඇවිත් තිබුණා.
 
ප්‍රදීප්-ගේ රස්සාව තමයි.. මිනී එම්බාම් කරන එක... මෝටර් රථයේ යන ගමන් ඒ ගැන අහන්නත්, සුලෝචනා අමතක කරන්නේ නැහැ.
 
සුලෝචනාගේ පැමිණිම නිසාම ප්‍රදීප් සිටියේ ඉමහත් සතුටින්.. ඔහු රැය දහවල් නොබලා ඇයව බැලීමට ඇගේ නිවසට සේන්දු වුනා. (ඒත් ඇත්තටම ප්‍රදීප් විවාහකයෙක්. ඔහුගේ බිරිඳ තිලිණි.)
 
ආයෙමත් අහම්බෙන් ආයෙ ආයෙම සුලෝචනාව ප්‍රදීප්ට මුණ ගැහෙන්න ගන්නවා. සුලෝචනා කාලයක් ගමෙන් අස්ථානගත වෙලා හිටපු එක ගැන ප්‍රදීප් ප්‍රශ්න කරන්න ගත්තා වුනත්, සුලෝචනා ඒකට හරි ආකාර උත්තරයක් දෙන්නේ නැහැ.
 
එක් මොහොතක අහම්බෙන් වගේ ප්‍රදීප්ගේ රැකියා ස්ථානයට සුලෝචනා පැමිණුනා. මේක ප්‍රදීප්ට මහා පුදුමයක්....
 
ඇත්තටම සුලෝචනා හැබැහින්ම ඉන්නවද? නැත්තම් මේ ඇගේ ආත්මයද? ප්‍රදීප් පැටලුම් නුල් බෝලයක තව තවත් හිරවුනා. අවසානයේ ................... "සුලෝචනා" සත්තකින්ම දින තුනකට කලින්, දියේ ගිලී මිය ගිය බව ප්‍රදීප්ට දැනගන්න ලැබුණා.
 
එතකොට...? සුලෝචනා ඇත්තටම ප්‍රදීප්ව මුණ ගැහෙන්න ආවේ නැද්ද? ඇය සුලෝචනාගේ ආත්මයද? මේ කතාව ඒ ගැනයි...
 
"අඳුරු සෙවනැලි" පස්වන කතාංගය පහතින් බලන්න...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top