පළාත් සභා මැතිවරණය ද කඩිනමින්
Friday, 14 August 2020 - 8:23 | Views - 910
පළාත් සභා මැතිවරණයද කඩිනමින් පැවැත්වීමට රජය කටයුතු කරනු ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ පවසනවා.
පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නව ක්‍රමයටද එසේත් නැතිනම් පැරණි ක්‍රමයටද යන්න පාර්ලිමේන්තුව විසින් ගන්නා තීරණයේදී ආණ්ඩුකාරවරුන් වශයෙන් තම සහයද උපරිම වශයෙන් ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මේ බව කියා සිටියා.
Share This Article