ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි සහ තද සුළං
Friday, 14 August 2020 - 8:20 | Views - 294
අද දිනයේ සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද සුළං තත්වයක් ඇතිවිය හැකි බවයි.
ඒ අනුව උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි සඳහන්වන්නේ.
Share This Article