එජාප ජාතික ලැයිස්තුව ගැන තවමත් තීරණයක් නැහැ
Friday, 14 August 2020 - 8:14 | Views - 296
එක්සත් ජාතික පක්ෂය විසින් ඉල්ලීමක් කරන්නේ නම් එහි නායකත්වය භාර ගැනීමට හිටපු කතානායක කරූ ජයසූරිය සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
ඒ පිළිබඳව ඔහු වත්මන් පක්ෂ නායක රනිල් වික්රමසිංහද දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා මේ වනවිටත් නම් 08 ක් යෝජනා වී තිබෙනවා.
පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, පක්ෂ භාණ්ඩාගාරික දයා ගමගේ, රුවන් විජේවර්ධන, අර්ජුන රණතුංග, පාලිත රංගේ බණ්ඩාර සහ වජිර අබේවර්ධන මෙලෙස යෝජනා වී ඇති නම් අතර වනවා.
මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය අද දිනයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා.
අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ.
ඊයේ දිනයේද ඔවුන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, අවසන් එකඟතාවයකට පැමිණ තිබුණේ නැහැ.
Share This Article