අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (13) අනුරාධපුර ඓතිහාසික සිද්ධස්ථාන වැදපුදා ගනිමින් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තේය.
ඓතිහාසික රුවන්වැලි මහා සෑ රඳුන් වැදපුදා ගැනිමට පැමිණි අග්‍රාමාත්‍යවරයා ප්‍රථමයෙන් රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි බැහැදැකිමෙන් අනතුරුව රුවන්වැලි මහා සෑ රඳුන් වැදපුදා ගනිමින් ආගමික වතාවත්වල නිරතවිය.
අනතුරුව අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි බැහැදැකිමෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.
පසුව මිරිසවැටිය මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා මිරිසවැටිය චෛත්‍යරාමාධිපති ඊතළවැටුණ වැවේ ඥානතිලක නාහිමි බැහැදකිමින් ආශිර්වාද ලබා ගත්තේය.



