ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි, කරීනා කයිෆ් තමන් ගැබ් ගෙන ඇති මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඇය සහ ඇයගේ සැමියා වන සයිෆ් අලිඛාන් මේ පිළිබඳව කියා සිටි බවයි.
තම පවුලට නව සාමාජිකයෙකු එකතු වීමට නියමිත බැවින්, ඊට සුබ පතන ලෙසයි ඔවුන් ඉල්ලීමක් කර තිබුණේ.
කරිනා සහ සයිෆ් 2012 වසරේදී විවාහ වූ අතර ඔවුන් දෙපළට මේ වනවිට එක් පිරිමි දරුවෙකු ද සිටිනවා.
කෙසේ වෙතත්, සයිෆ්ගේ ප්‍රථම විවාහයෙන් සාරා අලිඛාන් සහ ඊබ්‍රාහීම් අලිඛාන් යන දරුවන් දෙනෙකු සිටීමත් විශේෂත්වයක්.
සාරා අලිඛාන් මේ වනවිට බොලිවුඩ් ක්ෂේත්රයේ නැගි එන තරුණ නිළියක වීමත් විශේෂත්වයක්.
විදෙස් මාධ්‍ය
