විශේෂ මෙහෙයුමකින් බොරැල්ලේදී ඇල්ලූ කාන්තාව මෙන්න
Thursday, 13 August 2020 - 15:07 | Views - 522
මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්ගේ මුදල් පරිහරණය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල ප්රදේශයේ අද උදෑසන සිදුකරන ලද වැටලීමකදීයි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඇය රැඳී සිටි දෙමහල් නිවසේ තිබී හෙරොයින් සහ රුපියල් 115,000 ක මුදලක් ද පොලීසිය සොයා ගෙන තිබෙනවා.
මීට අමතරව, පසුගිය මාස කිහිපය තුළදී ඇයගේ ගිණුමට රුපියල් ලක්ෂ 60 ක මුදලක් ද බැරවී ඇති අතර ඒවා අවස්ථා කිහිපයකදී වෙනත් ගිණුම්වලට හුවමාරු කර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
විවිධ පළාත්වලින් ඇයගේ ගිණුමට මෙලෙස මුදල් බැරවී ඇති අතර, මහපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්ගේ එම මුදල් ලැබී ඇති බවටයි වාර්තා වන්නේ.
Share This Article