මාංශපේශි දියවීමේ රෝගයෙන් පීඩා විඳි දරුවාගේ ලැප්ටොප් සිහිනය සැබෑ වූ හැටි මෙන්න
Thursday, 13 August 2020 - 14:34 | Views - 476
ගිනිගත්හේන - ලක්ෂපාන - නීලවත්ත ප්‍රදේශයේ මාංශපේෂී දියවීමේ රෝගයකින් පීඩා විඳින අධ්‍යාපනයට දක්ෂ දරුවෙකු ලැප්ටොප් පරිගණයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින පුවතක් අප වාර්තා කළේ පසුගිය 3වැනිදායි.
අපගේ ප්‍රවෘත්තිය නෙත ගැටුණු රත්මලාන ප්‍රදේශයේ හිත්පිත් ඇති මිනිසෙකු තම ශක්ති ප්‍රමාණයෙන් එම අපේක්ෂාව මල්ඵල ගන්වන්නට ඉදිරිපත් වුණා.
අපගේ අනාවරණයෙන් පසු කීර්තිගේ ආශාව මල්ඵල ගන්වන්නට රත්මලාන ප්‍ර දේශයේ පදිංචි සරත් ප්‍රනාන්දු මහතා නොපැකිලිව ඉදිරිපත් වුණා.
පසුගිය දිනක කීර්ති වෙනුවෙන් මිලදීගත් ලැප්ටොප් පරිගණකය කිලෝ මීටර් ගණනක් දුර ගෙවාගෙන ලක්ෂපාන නීලවත්ත ප්‍ර දේශයේ පිහිටි නිවසටම ගොස් පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ඒ අනුවයි.
Share This Article