සමගි ජනබලවේගය රනිල් හමුවීමේ සූදානමක
Thursday, 13 August 2020 - 12:36 | Views - 1,543
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව සමගි ජනබලවේගය පවසනවා.

සමගි ජනබලවේගය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේ එළඹෙන 20 වනදා නව පාර්ලිමේන්තුව ආරම්භවීමෙන් පසු සාකච්ඡාවට සූදානම් බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය ඊට සුදුසු වටපිටාව සකස් කරගත යුතු බව ඔහු සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳීම සම්බන්ධයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අද පස්වරුවේදීත් හමුවීමට නියමිතව තිබෙනවා.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදියි.

මහ මැතිවරණයෙන් පසු නායකත්වයෙන් සමුගැනීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුණා.

ඉන් අනතුරුව නායකත්වය සඳහා නම් හතරක් යෝජනා වූ අතර, පසුව එය නම් අටක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනතුරුත් නායකත්වය මීළඟට භාරදිය යුත්තේ කාටද යන්න පිළිබඳව එකඟතාවකට පැමිණීමට එක්සත් ජාතික පක්ෂයට සමත්ව නැහැ.

හිටපු කථානායක කරූ ජයසූරියට නායකත්වය ලබාදී වත්මන් අර්බුදය විසඳීම සුදුසු බවට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top