ඇත්තටම පුතාගේ තාත්තා මමද නැතිනම් කෑගල්ල හෝටලයේ හිටපු වේටර්ද?- දරුවා වේටර්ට තාත්තා කියූ නිසා අඹු සැමි යුවළක් ඇවිලෙයි
Thursday, 13 August 2020 - 11:49 | Views - 1,486
අවුරුද්දයි මාස දෙකක් වයසැති බිලිදු පිරිමි දරුවෙක් සමඟ තරුණ මවුපිය යුවළක් කෑගල්ලේ ආපනශාලාවක තේ පානය කරන අතරතුරදී බිලිදු දරුවා වේටර්වරයකුට තාත්තා යැයි කීම හේතුවෙන් බිරිය සමඟ ආරවුලක් ඇති කරගත් පුද්ගලයෙක් සම්බන්ධයෙන් තොරතුරක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.

කෑගල්ල ප්‍රදේශයේ තරමක් දුෂ්කර ග්‍රාමයක 26 හැවිරිදි තරුණයෙකි. මෙම තරුණයා මේසන් අත්උදවුකරුවකු ලෙස මීට වසර දෙකකට පමණ ඉහතදී ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක වැඩ කරමින් සිටින අවස්ථාවකදී හික්කඩුව ප්‍රදේශයේ තරුණියක සමඟ සම්බන්ධතාවක් ඇතිකර ගත්තේය. පසුව ඇය මාස කිහිපයකට පසු තරුණයා නිවෙසට කැන්දාගෙනද පැමිණියේය.
 
මෙම යුවළට දැනට වයස අවුරුද්දයි මසක් වයසැති බිලිදු පිරිමි දරුවෙක් සිටියි. ඉකුත් දිනකදී මෙම බිලිදු පිරිමි දරුවාට හදිසියේ ඇතිවූවා යැයි කියන අසනීප තත්ත්වයක් හේතුවෙන් පියාද එදින කුලී වැඩට නොගිය බව වාර්තා වෙයි. පසුව මවුපිය යුවළ දරුවා කැටුව ගමේ සිට බස් රථයකින් කෑගල්ල මහ රෝහලට පැමිණ බාහිර රෝගී අංශයෙන් දරුවාට බෙහෙත් ගෙන කෑගල්ල නගරයට පැමිණියහ.

උදේ ද කෑම කා නොසිටි මවුපිය යුවළ පසුව කෑගල්ල නගරයේ පිහිටි ආපනශාලාවකට ගියේය. ආපන ශාලාවේ පුටු දෙකක අසුන් ගත් තරුණ මවුපිය යුවළ වෙත තරුණ වේටර්වරයකු පැමිණ මොනවාද මහත්තයා කෑම කන්නේ යැයි විමසීමක් කර ඇති බව වාර්තා වෙයි.

පසුව තරුණ පියා වේටර්වරයාට කියා ඇත්තේ බිත්තර රොටී හතරක් කපාගෙන කුකුළු මස් හොදි වෙනම රැගෙන එන ලෙසත්ය.

පසුව වේටර්වරයා බිත්තර රොටී දෙක දෙක වෙනම කපාගෙන හොදි පීරිසියක්ද වතුර වීදුරු දෙකක් මේසය මත ගෙනත් තැබීය. පසුව මව අතේ සිටි වයස අවුරුද්දයි මාසක් වයසැති දරුවාගේ මූණ අල්ලා වේටර්වරයා ප්‍රකාශ කර ඇත්තේ මටත් මේ වයසේ ගැහැනු දරුවෙක් සිටින බවය. එවිට කාන්තාව අත සිටි දරුවා වේටර්වරයා දෙස බලා 'තාත්තා' කියා තිබේ.

පසුව අල්ලපු පුටුවේ අසුන් ගෙන සිටි පියා තරුණ බිරිය දිහා තරහින් වගේ බලා බිත්තර රොටී කෑමද නතර කර එසැණින් නිවෙස බලා ගොස් ඇති බවද වාර්තා වෙයි.

පසුව නිවෙසේදී සැමියා බිරියගෙන් ඇත්තටම පුතාගේ තාත්තා මමද නැතිනම් කෑගල්ල හෝටලයේ හිටපු වේටර්වරයාද යනුවෙන් විමසා ඇති බව කියයි.

එහිදී තරුණ මව සිය තරුණ සැමියාට ප්‍රකාශ කර ඇත්තේ පුතාට තේරෙන තරම්වත් ඔයාට තේරෙන්නේ නැති බවත්ය. පුතා 'තාත්තා' 'තාත්තා' කිව්වාට ඒ මනුස්සයා මේ දරුවාගේ තාත්තා නෙමෙයි. දරුවට ⁣තේරෙන්නේ නෑ. කටට එන වචන පුතා දැන් කියනවා යැයි තරුණ බිරිය සැමියාට තේරුම් කරදී ඇති බව වාර්තා වෙයි. තරුණ පියා සමාජය පිළිබඳ එතරම් අවබෝධයක් නැති පුද්ගලයෙක් බවත් තුනේ පන්තිය දක්වා පාසල් ගොස් ඇති බවත් වාර්තා වෙයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top