එජාපයේ තවත් සාකච්ඡාවක් අද
Thursday, 13 August 2020 - 9:13 | Views - 360
නායකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් වන තවත් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් අතරයි.

ඒ අනුව පස්වරු දෙකට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අදාළ සාකච්ඡාව ආරම්භවීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු තෝරාගැනීම සඳහා සාකච්ඡා වට කිහිපයක් පසුගිය දින කිහිපයේ පැවති අතර, වත්මන් නායක රනිල් වික්‍රමසිංහ සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර  තවත් සාකච්ඡාවක් ඊයේ පස්වරුවේද කොළඹදී පැවැත්වුණා.

පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේ නායකත්වය සඳහා මේ වනවිට නම් අටක් යෝජනාවී ඇති බවයි.

පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, පක්ෂ භාණ්ඩාගාරික දයා ගමගේ, රුවන් විජේවර්ධන, අර්ජුන රණතුංග, පාලිත රංගේ බණ්ඩාර සහ වජිර අබේවර්ධන මෙලෙස යෝජනා වී ඇති නම් අතර වනවා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ තවදුරටත් රනිල් වික්‍රමසිංහ රැඳී සිටින අතර ඔහු ජ්‍යෙෂ්ඨයින්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම කණ්ඩායම අතරින් කෙනෙකු නව නායකත්වය සඳහා තෝරා පත් කර ගන්නා ලෙසටයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මෙතෙක් කිසිවෙකු නම් කර  නැහැ.

මෙවන් පසුබිමක් තුළ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණාත්මක රැස්වීමක්ද හෙට පෙරවරු 9.30 ට සිරිකොතදී පැවැත්වෙනවා.

පක්ෂය තුළ දැනට පවතින අර්බුද සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top