පළමු කැබිනට් රැස්වීම ලබන බදාදා - නව අමාත්‍යවරු කිහිපදෙනෙකු අද වැඩ භාරගනී
Thursday, 13 August 2020 - 8:12 | Views - 439
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද වැඩ භාරගැනීමට නියමිතයි.

ඒ අනුව අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, ජී.එල්. පීරිස්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වාසුදේව නානායක්කාර සහ නිමල් සිරිපාල ද සිල්වා සිය අමාත්‍යාංශවලදී වැඩ භාරගනු ඇති.

එමෙන්ම ඩී.වී. චානක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නාලක ගොඩහේවා සහ පියල් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුන්ද අද වැඩ භාරගැනීමට නියමිතයි.

එමෙන්ම නව කැබිනට් මණ්ඩලය ලබන 19 වන බදාදා පස්වරුවේදී රැස්වීමට නියමිත බව වාර්තාවනවා.

රජයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවයි.

ඊයේ දිනයේදී කැබිනට් අමාත්‍යවරු 25 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරු 39 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මේ අතර 9 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ලබන 20 වනදා පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ් ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මංගල සැසිවාරය සෞඛ්‍ය මාර්ගෝපදේශන යටතේ සිදුකිරීමට නියමිත බැවින් එය නැරඹීමට පැමිණෙන අමුත්තන් මෙන්ම මන්ත්‍රීවරුන්ගේ සමීපතමයින්ගේ සංඛ්‍යාව සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top