පොලිස් උපාය දූතයෙකු මාර්ගයෙන්, බලංගොඩ සුපිරි ගණිකා නිවාසයක් වැටලූ හැටි
Wednesday, 12 August 2020 - 15:52 | Views - 40,375
බලංගොඩ ඇල්ලෙපොල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මඩමේ සිටි සැකකරුවන් 4 දෙනෙකු මේ මස 13 වැනි දින (හෙට) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
 
එමෙන්ම, අදාළ සැකකරුවන්ට සමාජ රෝග තිබේ දැයි දැනගෙන අදාළ වාර්තා අධිකරණයට ලබා දෙන ලෙස ද නියෝග කෙරුණා.
 
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඇල්ලෙපොළ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් පවත්වන මුවාවෙනුයි මෙම ගණිකා මඩම පවත්වාගෙන ගොස් ඇත්තේ.

මෙහි රැඳි සිටි තරුණියන් දෙදෙනෙකු ඇතුළු හතර දෙනෙකු (10) දා සවස බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
 
මහනුවර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 -28 වයස්වල පසුවෙන තරුණියන් දෙදෙනෙකු හා එහි සේවාව ලබා ගැනිමට පැමිණි පුද්ගලයෙකු, එහි කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි බලන්ගොඩ පොලිසිය සඳහන් කළේ.
 
එම නිවාඩු නිකේතනයේ ගණිකා මඩමක් පවත්වාගෙන යන බවට බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව පළමු පොලිස් උපාය දුතයෙකු එම ස්ථානය වෙත යොමු කර තිබෙනවා.
 
බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක බි.එමි.ආර්.කේ.බී. බාලසූරිය මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්.ආර් .ජි.කේ.බණ්ඩාර හා කාන්තා අංශයේ නිළධාරිණියන් පිරිසක් එක්ව එම වැටලිම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
 
රෝහණ වසන්ත (බලංගොඩ)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top