ඩෙංගු නිසා ගම්පහ නගරයට අවදානම තත්ත්වයක්
Wednesday, 12 August 2020 - 15:42 | Views - 364
ගම්පහ මූලික රෝහල අවට කාණු පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන නොයෑම හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තියේ අවදානමක් මතුව තිබෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ වගකිවයුතු බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි.
මේ දිනකට විශාල පිරිසක් සේවා අවශ්‍යතා සඳහා පැමිණෙන ගම්පහ මූලික රෝහල අසළ මේ වනවිට පවතින තත්ත්වයයි.
අපද්‍රව්‍ය සිරවීම හේතුවෙන් රෝහල අසළ තිබෙන කාණු පද්ධතිය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
ඇතිවී තිබෙන තත්ත්වයත් සමඟ ප්‍රදේශයේ ඩෙංගු හිස එසවීමේ අවදානමක් ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.
මෙම කාණු පද්ධතිය නිසි ලෙස පවිත්‍ර කිරීමේ හැකියාවක් තිබියදී අදාළ බලධාරීන් ඒ සඳහා පියවර නොගන්නා බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
Share This Article