කුරුණෑගල නගරාධිපති අල්ලන්න නිකුත් කළ වරෙන්තුව අභියාචනාධිකරණය තාවකාලිකව අත්හිටුවයි
Wednesday, 12 August 2020 - 15:36 | Views - 461
කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව අගෝස්තු 24 වනදා දක්වා ක්රියාත්මක නොකරන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණය විසින් තමන් අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව අත්හිටුවන ලෙසට ඉල්ලමින් කුරුණෑගල නගරාධිපතිවරයා විසින් අභියාචනාධිකරණය වෙත ගොනුකළ රීට් පෙත්සම සලකා බලමින් මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.
Share This Article