නවක මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්
Wednesday, 12 August 2020 - 8:38 | Views - 631
නව වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට දින තුනක විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල සඳහන් කළේ ලබන 20 වනදා පළමු පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කර නව කථානායකවරයා තෝරා පත් කරගැනීමෙන් පසු මෙම වැඩමුළුව පිළිබඳව දින වකවානු තීරණය කරන බවයි.

මෙහිදී පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තු ඉතිහාසය සහ ස්ථාවර නියෝග පිළිබඳව පුළුල් අවබෝධයක් නවක මන්ත්‍රිවරුන්ට ලබාදෙනු ඇති.

එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ වගකීම් මොනවාද යන්න සහ ඒ ආශ්‍රිතව බැඳී ඇති නිර්නායක පිළිබඳවද මෙහිදී දැනුවත් කිරීමට නියමිතයි.   

මෙවර පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකකට වැඩි සංඛ්‍යාවක් නව මන්ත්‍රීවරුන් වන අතර, එම ප්‍රමාණය 76 ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top