නවක මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්
Wednesday, 12 August 2020 - 8:38 | Views - 632
නව වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට දින තුනක විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල සඳහන් කළේ ලබන 20 වනදා පළමු පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කර නව කථානායකවරයා තෝරා පත් කරගැනීමෙන් පසු මෙම වැඩමුළුව පිළිබඳව දින වකවානු තීරණය කරන බවයි.
මෙහිදී පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තු ඉතිහාසය සහ ස්ථාවර නියෝග පිළිබඳව පුළුල් අවබෝධයක් නවක මන්ත්‍රිවරුන්ට ලබාදෙනු ඇති.
එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ වගකීම් මොනවාද යන්න සහ ඒ ආශ්‍රිතව බැඳී ඇති නිර්නායක පිළිබඳවද මෙහිදී දැනුවත් කිරීමට නියමිතයි.
මෙවර පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකකට වැඩි සංඛ්‍යාවක් නව මන්ත්‍රීවරුන් වන අතර, එම ප්‍රමාණය 76 ක්.
Share This Article