නව රජයේ අමාත්‍ය මණ්ඩලය, මහනුවර දී අද දිවුරුම් දෙයි - සජීවි තොරතුරු අද පෙරවරු 8.30 සිට හිරු TV ඔස්සේ
Wednesday, 12 August 2020 - 8:19 | Views - 579
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.
ඊට අදාළ උත්සවය පෙරවරු 8.30ට ආරම්භ කෙරෙනවා.
ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරු 40 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇති. එම අමාත්‍යාංශ 28ට සහ රාජ්‍ය අමාත්‍යාංශ 40ට අයත් ආයතන සහ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය පෙරේදා නිකුත් කෙරුණා.
මෙම දිවුරුම්දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තු වරම් ලැබූ සියලූදෙනාට ආරාධනා කර ඇති බව සඳහන්.
නව රජයේ අමාත්‍යවරුන් දිවුරුම් දීමේ සජීවි තොරතුරු අද පෙරවරු 8.30 සිට හිරු ටී.වී. ඔස්සේ බලාපොරොත්තු වන්න.
Share This Article