නෙදර්ලන්තයෙන් එවූ ඇඳුම් පෙට්ටිවලින් මිලියන 24ක මත්පෙති හමුවෙයි (ඡායාරූප)
Tuesday, 11 August 2020 - 21:15 | Views - 776
කාඩ්බෝඩ් පෙට්ටි තුළ අසුරා මෙරටට ගෙන්වන ලද මත්පෙති තොගයක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබෙනවා.එහිදී මත්පෙති 4960 රේගුව විසින් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 24.8ක් බවයි වාර්තාවන්නේ.භාණ්ඩ ප්‍රවාහන සමාගමක් මාර්ගයෙන් නිමි ඇඳුම් ගෙන්වන මුවාවෙන් මෙම මත්පෙති තොගය මෙරටට ගෙන්වා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.එම භාණ්ඩ නෙදර්ලන්තයේ සිට මෙරට කොළඹ 15 ප්‍රදේශයේ ලිපිනයක් වෙත ඒවා ඇති බවයි සඳහන් වන්නේ.මෙලෙස සොයාගෙන ඇති මත්පෙති තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.
Share This Article