අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ඔන්ලයින් අයදුම්පත පුරවා සිය තොරතුරු ලබාදෙයි
Tuesday, 11 August 2020 - 16:56 | Views - 177
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ අද(11) අරලියගහ මන්දිරයේදී සිය ධුරයේ වැඩ බාර ගැනීමෙන් සුළු මොහොතකට පසු පාර්ලිමේන්තුව විසින් මන්ත්රීවරුන් සඳහා සකස් කර ඇති ඔන්ලයින් අයදුම්පත පුරවා සිය ජීවදත්ත තොරතුරු පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය වෙත ලබා දුන්නා.
අග්රාමාත්යවරයා විසින් ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කළ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක , සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වූනා.
අගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්රීවරයන්ගේ තොරතුරු ඔන්ලයින් ක්රමයට ලබා ගැනීමේ ක්රමවේදයක් (Online Registration System) පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය මගින් හඳුන්වා දී තිබෙනවා.
Share This Article