තරුණියක් බේරා ගැනීමට බොල්ගොඩ ගඟට පැන්න තරුණයෙක් අතුරුදන්
Tuesday, 11 August 2020 - 15:47 | Views - 237
බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසලින් ගඟට පැන්න තරුණියක බේරා ගැනීමට උත්සාහ කළ තරුණයෙකු අතුරුදන්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, දියේ ගිළුණු තරුණිය ප්රදේශවාසින් විසින් බෙරාගෙන රෝහල්ගත කර ඇති බවයි.
අද උදෑසන 11 ට පමණ තරුණිය ගඟට පැන තිබේ.
එය දුටු අසල සිටි තරුණයෙකු ඇය බේරාගැනීම සඳහා ගඟට පැන ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.
අතුරුදන්ව ඇත්තේ වැල්ලන්තුඩුව බණ්ඩාරගම ප්රදේශයේ පදිංචිකරුවකි.
පොලිස් හා නාවික කොට්ඨාසයේ නිලධාරීන් කැඳවා අතුරුදන් තරුණයා සොයා මේ වන විට මෙහෙයුමක් අරඹා තිබේ.
Share This Article