කන්දකාඩු, සේනපුර ආසාදිතයින් ගණන 629ක්
Tuesday, 11 August 2020 - 14:08 | Views - 1,599

කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 629ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
ඒ අතර පුනරුත්ථාපනය වන රැදවියන් 508 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 67 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.
ආරාධිත කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සහ එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් මෙන්ම කාර්ය මණ්ඩලවල සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයන් සහ සමීපතමයින් 48 දෙනෙකු ද ඒ අතර සිටිනවා.
එමෙන්ම, වැලිකඩ බන්ධනාගාරයේ සිටියදී හමුවූ ආසාදිත රැදවියා ඇසුරු කළ පුද්ගලයෙකු ද මෙම පිරිසට අයත්.
මේ අතර ඊයේ දිනයේ හඳුනා කොරෝනා ආසාදිතයින් 27 දෙනාගෙන් 23 දෙනෙකුම සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් වනවා.
අනෙක් 4 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයවලුන් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එම සංඛ්‍යාවත් සමඟ කොරෝනා ආසාදනය වූ මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 2871 දක්වා ඉහළ ගියා.
එමෙන්ම, කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 14 දෙනෙකු ද ඊයේ දිනයේදීත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2593 ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
සුවය ලැබූ රෝගීන් අතර කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 427 දෙනෙකු ද සිටිනවා.
Share This Article