ධවල මන්දිරයෙන් පිටත සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් එක්සත් ජනපද රහස් ඔත්තු සේවයේ නිලධාරියෙකු විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය සාකච්ජාවක් අතර වාරයේදී ඉන් පිටතට රැගෙන යාමට කටයුතු කර තිබේ.
ධවල මන්දිරයේ මාධ්‍ය හමුවක් අමතමින් සිටි ජනාධිපතිවරයා අසලට පැමිණි ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රහසින් දැනුවත් කර ජනාධිපතිවරයාව එම ස්ථානයෙන් පිටත ගෙන ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
කෙසේවෙතත් මිනිත්තු 9කට පමණ පසු ජනාධිපති ට්‍රම්ප් නැවත පැමිණ කියා සිටියේ, ධවල මන්දිරයට ආසන්න මාර්ගයකදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවය.
මව්බිම