නිට්ටඹුවේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
Tuesday, 11 August 2020 - 10:34 | Views - 394
නිට්ටඹුව - එගොඩවත්ත - බෝගෝඩගම ප්රදේශයේ දොඩකඩවෙල වෙල් යාය ආසන්නයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ රාත්රියේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මළ සිරුර වෙල් යාය ආසන්නයේ තිබියදී සොයාගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි නිට්ටඹුව - යටියන ප්රදේශයේ පදිංචිකරුවෙක්.
Share This Article