රිය අනතුරකින් මවක් සහ දියණියක් මරුට
Tuesday, 11 August 2020 - 9:30 | Views - 2,619
දොම්පේ - සමනබැද්ද මාර්ගයේ මල්වාන ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මවක සහ ඇගේ දියණිය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මල්වානේ සිට පැමිණ ඇති මෙම මෝටර් රථයට වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් යතුරුපැදියේ ගැටී ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ යතුරුපැදියේ පැමිණි වෙල්ගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මවක සහ ඇගේ 19 හැවිරිදි දියණියයි.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, අක්කරෙයිපත්තුව - ආලන්කුලම මාර්ගයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් ද 8 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
Share This Article