අගමැති මහින්ද සිය ධුරයේ වැඩ භාර ගැනීම අද පෙරවරුවේ
Tuesday, 11 August 2020 - 9:02 | Views - 449
අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ අද සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ අද උදෑසන 10.30ට අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා වැඩ භාර ගන්නා බවයි.

පසුගිය ඉරිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

එමෙන්ම, නව අමාත්‍යවරුන් හෙට දිනයේදී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟා පරිශ්‍රයේ මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

නව රජයේ අමාත්‍ය මණ්ඩල ව්‍යුහය ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.

අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40ක් සඳහා පැවරෙන වගකීම් පිළිබඳව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට පෙර සිටම දැනුවත් කිරීම සුවිශේෂී කරුණක්.

මේ අතර, එළඹෙන 20 වන දා ආරම්භ කිරීමට නියමිත 9 වන පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන් 15 වන දාට පෙර ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අදාළ අයදුම්පත් පිරවිය යුතු බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසනවා.

අදාළ මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් මේ වන විට සකස් කර ඇති අතර, සියළු මන්ත්‍රීවරුන් තම තොරතුරු පාර්ලිමේන්තුවේ නිළ වෙබ් අඩවියට පිවිස සිය දත්ත ඇතුළත් කළ යුතුයි.

කොරෝනා වසංගතය තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව තුළ මේ වන විට ක්‍රියාත්මකව පවතින තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ තොරතුරු ලබා ගැනීම සිදුකෙරෙනවා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දීම හෝ ප්‍රතිඥා දීම සහ ඔවුන්ගේ ඉදිරි කටයුතු සඳහා ඔවුන්ගේ ජීව දත්ත තොරතුරු අනිවාර්ය වන බැවින් කඩිනමින් සිය දත්ත ලබාදෙන ලෙසටයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ.

9 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ද ලබන 20 වනදා පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ් ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ අදාළ වේලාව සඳහන් ගැසට් නිවේදනය මෙම සතියේදී නිකුත් කිරීමට නියමිත බවයි.

මේ අතර, අභිනවයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සියළු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එක් එක් අපේක්ෂකයින් තමන් මැතිවරණයට ඉදිරිපත් වූ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන්ට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවයි මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

දැනටමත් ඇතැම් අපේක්ෂකයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන්ට ලබාදී ඇති අතර, සෙසු මන්ත්‍රීවරුන් කඩිනමින් ඒවා ලබාදිය යුතු බවයි මැතිවරණ කොමිසමේ නිර්දේශය වන්නේ.

එලෙස ලබාදෙන වත්කම් - බැරකම් ප්‍රකාශ තුළින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ දා සිට විසුරුවා හරින දිනය දක්වා කාලය තුළ අයථා ලෙස වත්කම් උපයාගෙන තිබේ නම් ඒ පිළිබඳව ද කරුණු අනාවරණ කර ගැනීමට හැකියාව පවතිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top