ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමකින් 112ක් අත්අඩංගුවට
Tuesday, 11 August 2020 - 8:56 | Views - 391
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ සිදුකළ විශේෂ පොලිස් සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 112 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ - උතුර කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානවල නිලධාරීන් 125 දෙනෙකු පමණ මෙම සෝදිසි මෙහෙයුම සඳහා එක්ව සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එහිදී හෙරොයින් සහ ගංජා සමඟින් සැකකරුවන් 51 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මීට අමතරව විවිධ වැරදි සම්බන්ධයෙන් ද පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයින් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු සහ මුදල් විශුද්ධිකරණය යටතේ තොරතුරු ලබාදීමට හඳුන්වා දුන් 1997 සහ 1917 යන දුරකථන අංකවලට පැමිණිලි 2000 ට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා.

පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top