කොරෝනා වෛරසය මැඬ පැවැත්වීම සඳහා ඉදිරි තුන් මස තීරණාත්මක වන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
Tuesday, 11 August 2020 - 8:33 | Views - 2,952
කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීමේදී ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය සම්පත් සහ ලැබෙන ප්‍රමාණය අතර විශාල පරතරයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ප්‍රකාශ කළා.

ජිනිවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ දැනට ලැබෙමින් පවතින මුදල ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත්වලින් සියයට 10 නොඉක්ම වන බවයි.

කොරෝනා වෛරසය මැඬ පැවැත්වීම සඳහා ඉදිරි තුන් මස තීරණාත්මක වන බව පැවසූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ වෛරසයට එරෙහි එන්නතක් නිපදවීම සඳහා පමණක් ඩොලර් බිලියන 100ක් පමණ අවශ්‍ය වන බවයි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය මැඬ පැවැත්වීමට ලෝකය තවමත් ප්‍රමාද නොමැති බව පැවසූ ඔහු සඳහන් කළේ ඒ සඳහා මූලික සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් තවදුරටත් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය වන බවයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට දෙකෝටි දෙලක්ෂ 37,905ක් ලෙස සටහන් වන අතර, මරණ සංඛ්‍යාව හත්ලක්ෂ 37,869ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top