කොරෝනා වෛරසය මැඬ පැවැත්වීම සඳහා ඉදිරි තුන් මස තීරණාත්මක වන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
Tuesday, 11 August 2020 - 8:33 | Views - 2,953
කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීමේදී ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය සම්පත් සහ ලැබෙන ප්‍රමාණය අතර විශාල පරතරයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ප්‍රකාශ කළා.
ජිනිවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ දැනට ලැබෙමින් පවතින මුදල ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත්වලින් සියයට 10 නොඉක්ම වන බවයි.
කොරෝනා වෛරසය මැඬ පැවැත්වීම සඳහා ඉදිරි තුන් මස තීරණාත්මක වන බව පැවසූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ වෛරසයට එරෙහි එන්නතක් නිපදවීම සඳහා පමණක් ඩොලර් බිලියන 100ක් පමණ අවශ්‍ය වන බවයි.
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය මැඬ පැවැත්වීමට ලෝකය තවමත් ප්‍රමාද නොමැති බව පැවසූ ඔහු සඳහන් කළේ ඒ සඳහා මූලික සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් තවදුරටත් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය වන බවයි.
ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට දෙකෝටි දෙලක්ෂ 37,905ක් ලෙස සටහන් වන අතර, මරණ සංඛ්‍යාව හත්ලක්ෂ 37,869ක්.
Share This Article