අලුත උපන් බිළිඳා එළවළු කොටුවට විසි කරලා
Monday, 10 August 2020 - 14:47 | Views - 549
කොස්ලන්ද පූනාගල වත්තේ දී  අලුත උපන් බිළිඳකු එළවළු කොටුවකට විසි කළ බව කියන මවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පුනාගල ආනෝල්ඩ් කොටසේ  එළවළු කොටුවක තිබූ බිළිඳු සිරුරක්  පොලිසියට හමු වීමෙන් පසුව කළ විමර්ශනයකින් පසුව සැකකාර මව අත්අඩංගුවට ගැනීමට කොස්ලන්ද පොලීසියට  හැකි වී ඇත. මෙම බිළිඳු සිරුරේ ඔලුවේ කොටසක් හා පාදයේ කොටසක්  සතුන් කා දමා තිබූ බවද පොලිසිය කියයි.
වැසිකිළියක් තුළ දී දරු ප්‍රසූතිය සිදුවී ඇති බවද පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් මව  බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්  අධිකරණය හමුවට ඉදිරිපත් කළ විට මෙම මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බණ්ඩාරවෙල  වැඩ බලන මහේස්ත්‍රාත් ආර් එම් රත්නායක මහතා   අද (9 ) නියෝග කළේය.
 
 මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කොස්ලන්ද අමුපිටිකන්ද සුබ්‍රමනියම් ජයන්ති නමැති 28 හැවිරිදි දෙදරු මවකි . බිළිඳු සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top