අතිරේක නිවාඩුවෙන් පසුව ඇරඹි පාසල්වල සිසුන්ගේ පැමිණීම ඉහළට
Monday, 10 August 2020 - 13:50 | Views - 537

කොරෝනා වසංගතය හා මහ මැතිවරණය හේතුවෙන් ලබාදී තිබූ අතිරේක නිවාඩුවෙන් පසු අද ආරම්භ කළ පාසල් වෙත සිසුන් පැමිණීම ඉහළ මට්ටමක පැවති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
ඒ අනුව උතුර, නැගෙනහිර හා වතුකරය මෙන්ම කොළඹ ඇතුලු සියලු ප්‍රදේශවල පාසල් සිසුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරමින් සිසු සිසුවියන් පාසල් වෙත ඇතුළත් කරගත් අතර, දෑත් සේදීම ඇතුලු විෂබීජහරණ කටයුතු වෙනුවෙන්ද පහසුකම් සළසා තිබූ බවයි ඔවුන් සඳහන් කළේ.
අතිරේක නිවාඩුවෙන් පසු පාසල් අදියර කිහිපයක් යටතේ අද සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර දැනුම් දුන්නා.
ඒ අනුව සමස්ත සිසුන් සංඛ්‍යාව 200ට වැඩි ප්‍රාථමික සහ ද්විතීක පාසල් වල පළමුවන ශ්‍රේණිය සහ හයවන ශ්‍රේණිය සඳහා අද, වෙන්කර තිබෙනවා.
එම පාසල්වල පහ ශ්‍රේණිය සහ 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට සතියේ දින පහේදීම පාසල් ක්‍රියාත්මකයි.
සමස්ත සිසුන් සංඛ්‍යාව 200 ට වැඩි පාසල්වල දෙක ශ්‍රේණිය සඳහා සෑම අඟහාරුවාදාත්, තුන ශ්‍රේණිය සඳහා සෑම බදාදාත්, හතර ශ්‍රේණිය සඳහා බ්‍රහස්පතින්දා සහ සිකුරාදාත් පාසල් පැමිණිය යුතුයි.
එසේම සිසුන් සංඛ්‍යාව 200 ට වැඩි ද්විතියික පාසල්වල හත ශ්‍රේණිය සඳහා අඟහරුවාදාද, අට ශ්‍රේණිය සඳහා බදාදාද, 9 ශ්‍රේණිය සඳහා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවලදී ද පාසල් පැවැත්වෙනු ඇති.
කෙසේ වෙතත් සමස්ත සිසුන් සංඛ්‍යාව 200 ට අඩු පාසල්වල මෙම ක්‍රමවේදය භාවිත නොවන අතර එම පාසල්වල සාමාන්‍ය පරිදි සියලු ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු ක්‍රියාත්මකයි.
මේ අතර පාසල් යළි ඇරඹීමත් සමඟ පාසල් සිසුන් සෞඛ්‍ය උපදෙස් කෙරෙහි වැඩි උනන්දුවකින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
Share This Article