මත්තලින් පළමු ගුවන් භාණ්ඩ යානය පිටවෙයි
Monday, 10 August 2020 - 9:09 | Views - 778
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පිටත් වන පළමු ගුවන් භාණ්ඩ ප්‍රවාහන යානය ඊයේ ඩුබායි හරහා ඇමරිකාව බලා පිටත්ව ගියා.
ඒ මෙට්‍රික් ටොන් 28ක ගුවන් භාණ්ඩ රැගත් එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.ඒ 2529 දරණ යානයෙනුයි.
දේශීය ඇඟලුම් එලෙස ඇමරිකාව බලා රැගෙන ගිය බවයි මත්තල ගුවන්තොටුපලේ අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර සඳහන් කළේ.
Share This Article