බන්ධනාගාර රැඳවියන් බැලීමට යළි අවස්ථාව ලබාදීම ගැන අවධානය
Sunday, 09 August 2020 - 13:09 | Views - 437

බන්ධනාගාර රැඳවියන් බැලීමට යළි අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් රැඳවියන් බැලීමට අවසර ලබාදීම පිළිබඳව හෙට දිනයේදී අවසන් තීරණයක් ගනු ලබන බවයි.
බන්ධනාගාරය හා සම්බන්ධ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ යෝජනා සහ අදහස්ද එහිදී විශේෂ අවධානයකට ලක් කිරීමට නියමිතයි.
කොවිඩ් 19 හෙවත් කොරෝනා රෝගියෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවීමත් සමග පිටස්තර පුද්ගලයන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කළා.
හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.
පළමු ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට හෙට සිට අදියර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
පවත්නා තත්ත්වය තවදුරටත් පාලනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කරන තෙක් මෙය ක්‍රියාත්මකයි.
එහෙත් ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල්වල මෙය ක්‍රියාත්මක නොවන අතර, එම පාසල්වල සාමාන්‍ය පරිදි සියලූම ශ්‍රේණිවල සිසුන් පාසලට පැමිණිය යුතු වනවා.
හෙට සිට පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලූ දෙනා රාජකාරියට වාර්තා කළ යුතු අතර, ඔවුුන්ට ඉගැන්වීම් ක්‍රියාවලියට අදාළ කටයුතුවලට අමතරව පැවරුම් පරීක්ෂා කිරීම, සෞඛ්‍ය හා විනය ආරක්ෂණ කටයුතුවල වගකීම්ද පැවරෙනු ඇති.
Share This Article