හෙරොයින් ජාවාරමේ යෙදුනු කාන්තාවක ඇතුලු තුන්දෙනෙකු හෝමාගමදී අත්අඩංගුවට
Sunday, 09 August 2020 - 13:05 | Views - 750
හෙරොයින් ග්‍රෑම් 107 ක් සහ රුපියල් එක්ලක්ෂ 70,000 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක හෝමාගම පොලීසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, හෝමාගම - උඩුවන ප්‍රදේශයේදියි.
ඔවුන් සතුව තිබී ඉලෙක්ට්‍රොනික තරාදියක් සහ ජාවාරම් කටයුතු සඳහා යොදාගත් බවට සැක කෙරෙන ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගැනුනා.
එම සැකකරුවන්ගෙන් දෙදෙනෙකු වයස අවුරුදු 48 සහ 35 වන වියේ පසුවන අතර, අත්අඩංගුවට ගත් සැකකාරියගේ වයස අවුරුදු 24 ක්.
Share This Article