ඉඩම් ආරවුලකට අයියා ඝාතනය කළ මල්ලි රිමාන්ඩ්
Sunday, 09 August 2020 - 12:58 | Views - 1,774
ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් හබරාදුව තල්පෙ මිහිරිපැන්න ප්‍රදේශයේ පදිංචි, පුද්ගලයෙකු පිහියකින් ඇන ඝාතනය කළ ඔහුගේ සොහොයුරා ලබන 19  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම නියෝග කර තිබෙනවා.

මෙසේ  බන්ධනාගාර ගත කරනු ලැබුවේ 45 හැවිරිදි අයෙක්.

සැකකරු පසුගිය 5 වන දින සවස 51 හැවිරිදි වැඩිමහල් සොහොයුරාට පිහියකින් පහරදී බරපතල තුවාල සිදු කර පොලිසියට බාර වීමෙන් අනතුරුව  අත්අඩංගුවට ගෙන තිබෙනවා .

අනතුරුව සැකකරු ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ පදිංචි නිවස අසල ඉඩමක් සම්බන්ධයෙන් ආරවුලක් පැවති අතර එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටියත්  වැඩිමහල් සොහොයුරා එසේ නොකළ බවයි.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා .

පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේදි පැවැත්වු අධිකරණ වෛද්‍ය නිලධාරිණි ජානකී වරුෂාහැන්නදි මහත්මිය තීරණය කර ඇත්තේ තියුණු ආයුධයකින් පහරදිම නිසා  අධික රුධිර වහනයෙන් සහ කම්පනයෙන් මරණය සිදුවී  ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top