ඉඩම් ආරවුලකට අයියා ඝාතනය කළ මල්ලි රිමාන්ඩ්
Sunday, 09 August 2020 - 12:58 | Views - 1,775
ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් හබරාදුව තල්පෙ මිහිරිපැන්න ප්‍රදේශයේ පදිංචි, පුද්ගලයෙකු පිහියකින් ඇන ඝාතනය කළ ඔහුගේ සොහොයුරා ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම නියෝග කර තිබෙනවා.
මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ 45 හැවිරිදි අයෙක්.
සැකකරු පසුගිය 5 වන දින සවස 51 හැවිරිදි වැඩිමහල් සොහොයුරාට පිහියකින් පහරදී බරපතල තුවාල සිදු කර පොලිසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අනතුරුව සැකකරු ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ පදිංචි නිවස අසල ඉඩමක් සම්බන්ධයෙන් ආරවුලක් පැවති අතර එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටියත් වැඩිමහල් සොහොයුරා එසේ නොකළ බවයි.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා .
පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේදි පැවැත්වු අධිකරණ වෛද්‍ය නිලධාරිණි ජානකී වරුෂාහැන්නදි මහත්මිය තීරණය කර ඇත්තේ තියුණු ආයුධයකින් පහරදිම නිසා අධික රුධිර වහනයෙන් සහ කම්පනයෙන් මරණය සිදුවී ඇති බවයි.
Share This Article