කීඩෑ උවදුර නිසා අසරණ වූ ගොවීන්
Saturday, 08 August 2020 - 15:14 | Views - 315
මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක ගොවීන් කීඩෑ උවදුර හේතුවෙන් අසරණවී සිටිනවා.
ගොවීන් චෝදනා කරන්නේ නිසි ප්‍රමිතියෙන් තොර පළිබෝධනාශක නිසා මෙලෙස කීඩෑවන් ව්‍යාප්තව ඇති බවයි.
මැදිරිගිරිය ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක ගොවි ජනතාව තම වී වගාවන් තුළ කීඩෑ උවදුර පැතිර යාමෙන් දැඩි ලෙස අසරණවී තිබෙනවා.
අස්වනු නෙලීමට ආසන්නව තිබියදී බලාපොරොත්තු නොවූ අයුරින් මෙලෙස කීඩෑ හානියට සිය වගාවන් ලක්වීම සම්බන්ධයෙන් ගොවීන් සිටින්නේ දැඩි කනස්සල්ලෙන්.
Share This Article