පාලමක් නැතුව දුක් විදින කිරිගල්පොත්ත වැසියෝ
Saturday, 08 August 2020 - 15:06 | Views - 454
කිරිගල්පොත්ත - වරලන්ද හරහා කොටමුදුන මාර්ගයේ මැණික් ගඟ හරහා ගමන් කිරීමට පාලමක් නොමැතිකමින් ගම්මාන 5ක ජනතාව පත්ව දැඩි අසීරුතාව පිළිබඳව මෙතෙක් දේශපාලන බලධාරීන් හෝ නිලධාරීන්ගේ අවධානය මෙතෙක් යොමුව නැහැ.
වර්ෂා දිනවලදී මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් මෙම ගම්මානවල ජනතාවට ගඟේ ජල මට්ටම පහළ යනතුරු පැය ගණනක් බලා සිටීමට සිදුවනවා.
ගඟ හරහා පාලමක් ඉදිකර නොමැතිකමින් කිරිගල්පොත්ත රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතුද අඩාලවී ඇති බව ප්ර දේශවාසීන් පවසනවා.
ප්රදේශවාසීන් බලධාරීන්ගෙන් අවස්ථා කිහිපයකදී පාලමක් ඉදිකර දෙනමෙන් ඉල්ලීම් කළද එය මෙතෙක් ඉටුවී නැහැ.
බඩල්කුඹුර - කිරිගල්පොත්ත - වරලන්ද ගම්මානයේ ජනතාව මුහුණදී සිටින මෙම ගැටලුවට බලධාරීන් නිසි විසඳුමක් ලබාදෙන තෙක් හිරු රතු මිනිත්තුව අවධානයෙන්.
Share This Article