පිපිරීමෙන් තුවාල ලැබූවන්ට ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනිය ඇතුළු කාර්ය මණ්ඩලය රුධිරය පරිත්‍යාග කරයි
Saturday, 08 August 2020 - 14:49 | Views - 523
ලෙබනනයේ බීරූට් අගනුවර සිදුවූ පිපිරිමෙන් බලපෑමට ලක් වූ පුද්ගලයන් රැසක් මේ වනවිට වමනය, හිසරදය සහ පාචනය වැනි රෝගවලින් පෙලෙන බව එරට ආරංචි මාර්ග පවසනවා. පසුගිය 3 වනදා සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 154  දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර, 5000 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

තුවාල ලැබූවන් අතර, ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු ද වන බව තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කළා.

ලෙබනනයේ රෝහල් මේ වනවිට ලේ හිගයකට මුහුණදී සිටින අතර, රුධිරය පරිත්‍යාග කිරීමට ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න ඇතුළු මෙරට තානාපති කාර්ය මණ්ඩල කටයුතු කර තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් ලෙබනනයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 285 දෙනෙකු ලබන 15 වනදා මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇති බවයි තානාපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top